සිසුවියකට මත්පැන් දුන් ගුරා



19 හැවිරිදි සිසුවියකට මත්පැන් ලබා දී ඇති බවට මතු වූ සැකයක් මත පැල්මඩුල්ල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට ප්‍රදේශවාසීන් පහර දී තිබෙනවා.පොලිසිය පැවසුවේ, අදාළ සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවයි.මෝටර් රථයකින් පැමිණ පැල්මඩුල්ල නගර මධ්‍යයේදී ඉන් බැසගත් 19 හැවිරිදි සිසුවියකගේ ගමන් විලාසය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පිරිසක් ඇගෙන් ප්‍රශ්න කර තිබුණා.එහිදී ඔවුන් හඳුනාගෙන තිබුණේ, එම සිසුවිය බීමතින් සිට ඇති බවයි.අනතුරුව ප්‍රදේශවාසීන් මෝටර් රථයේ සිටි පුද්ගලයාට පහර දී ඇති අතර ඔහු සිසුවියගේ උපකාරක පංති ගුරුවරයෙකු බව අනාවරණය වී තිබෙනවා.ප්‍රදේශවාසීන් පවසන්නේ උපකාර පංති ගුරුවරයා ද එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.ගුරුවරයා මෙම සිසුවියට මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බවට මතු වූ සැකය මත එම පිරිස ගුරුවරයාට පහර දී ඇති අතර එම ස්ථානයට පැමිණි පොලිසිය උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.වෛද්‍ය පරීක්ෂණ සඳහා සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා හෙට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments